Wednesday, January 27, 2016

කිරි අම්මාවරුන්ගේ ලෝකය



ඈත ගම් දනව්වක
අදුර එබිකම් කරන මොහොතක
පන් පැදුරෙහි වැතිර
රජ කුමර කුමරියන් ගැන දෙඩු
මගේ කිරි අම්මා ඔබයි.......

පොහෝ දිනයක පන්සලේ
බෝ සමිදු අසල හි
සිල් පද රකින්නට වෙරගෙන
නිදි නොලැබ රැය පහන් කරවන
මගේ කිරි අම්මා ඔබයි.......

වරලස කපා කෙටිකර
නෙත් බැමි උගුළුවා හැඩකර
වැහරී ගිය කම්මුලෙහි
නෙක රසඳුන් උලා
තුරුණු විය සොයායන
පුතුගේ කිරි අම්ම ඔබයි

සාදයක ගී හඬට මුසුවී
කෙටි ගවුම නොඉරෙන නියාවෙන්
පා තබා මද බමන ගතියෙන්
නිදි නොලැබ රෑය පහන් කරවන
පුතුගේ කිරි අම්මා ඔබයි..............

මිතුරුතුමෝ



මිතුරුතුමෝ
දුක සැප දෙකෙහිම නොසැලී
සෙලින් නෙලූ,රූ මෙන් පිටු නොප ඇති
නොමඟ ගියේ
යහමඟ වෙත යොමු කෙරෙති
කළ වැරදි
නොමවීමට ඉඩ සදති
මිතුරුතුමෝ
සිත ලඟ සිතුවිලි පරිදි
මඟ නොහරී
ළඟ තනි නොතනියට හිඳි
සෙවනල්ලද
හිරු හැරෙනා විටදි හැරේ
ඉටු මිතුරෝ නත යන්නේ එලෙස හැරී.........